අප්‍රේල් වැසි ගීය Poem by Udaya R. Tennakoon

අප්‍රේල් වැසි ගීය

වැස්සට ඉඩ දෙන්න
ඔබව සිප ගන්න
වැස්සට ඉඩ දෙන්න
රිදී දිය බිඳුවලින්
ඔබේ හිස නහවන්න
වැස්සට ඉඩ දෙන්න
ගීයකින් නළවන්න
මඟ දෙපස තවමත්
වැස්ස විල් තනයි
අගල්වල ගලා යන විල්
තනන්නේ වැස්සයි
රැයෙහි අප වහල මත
පුංචි නිඳන ගීයක්
ගයන්නේ වැස්සයි
මම වැස්සට පෙම් බඳිමි.

සිංහල අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්

COMMENTS OF THE POEM
READ THIS POEM IN OTHER LANGUAGES
Close
Error Success