හිදැස්- Spaces by Octavio Paz Poem by Udaya R. Tennakoon

හිදැස්- Spaces by Octavio Paz

හිදැස
නැත මැද නැත ඉහළ නැත පහළ
අනවතරයෙන් වැනසෙමින් යලිත් උපදින
දියසුළි හිදැස
ඉහලට වැටෙනා
හිදැස්
මුදුනින් කපාහළ නිර්මලතාවයන්
තහනම් කළ
රාත්රීක ඇලපතින්
කිරිගල් සහිත කළු උයන්
දුම් ගොබයක මල් පිපෙමින්
ගුවනෙහි පිපිරෙන ධවල උයන්
හිදැස
විවර වෙමින් එක හිදැසක්
මුකුඨය
විසිරෙමින්
හිදැස තුල හිදැස
සියල්ල කොහේ දැයි නොමැත
දුරවබෝධ වෛවාහික තැනක.

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

COMMENTS OF THE POEM
READ THIS POEM IN OTHER LANGUAGES
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success