මම
පියකරුය. ධනවත්ය
නැණවත්ය. පසිඳුය
හැමතින්ම සපිරුණිය
උදෑසන අවදිව
කළ හැකි සෑම දේ දකිමි
මිලියනයක් තේරීම් කරමි
XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX XX
මම.
කිළිටිය. දිළිඳුය
නූගත්ය. අදිසිය
කුස ගින්නේ පෙළෙමි!
රෑ දෑස් පියන විට
මගේ උදරය කෑගසයි
මගේ සුරැකුම ගැන බියෙනි
XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX X
අපි එකිනෙකා ගැන දන්නේ කිමැයි
අපව ජීවත් කරවන අපගේ රහස් කිමැයි
මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය ඉක්ම ගොස්ද නැතිනම් පාරභෞතික වේදනාව සමාන ද
සැබැවින්ම අපට මිතුරන් විය හැකිද
උණුසුම් පොරෝණයක්, නිහඬ බැල්මක්
නැතිනම් නිදහස් අතක්
තුලනය සපුරයිද
ඔවුන් අපෙන් සොරකම් කරගත්?
අපි අපේ දෑස් වෙනතක හරවා විරුද්ධ මග දිගේ ඇවිදිමු
කරණම් වැල්පොටේ අවසන
කෙනෙකුට ඉඩක් ඇත.
පමෙලා සිනික්‍රෝප් - Pamela Sinicrope
අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්
good translation.. ;) but now, dear Udaya, you too have to write a poem on 'Inequality', 'cause you have to join the new editorial project: ''POETRY AGAINST INEQUALITY'' :)
This poem has not been translated into any other language yet.
I would like to translate this poem
POETRY AGAINST INEQUALITY DEADLINE: February 20,2016 1 POEM (in English) of maximum 25 lines; SUBJECT: 'INEQUALITY' as it is described in the OXFAM Report