වනයෙහි ඔබේ හිස කේ නැති විය
ඔබේ පා මාගේ පා පරාමර්ශනය කරමින්
නිදිගත් ඔබ විසල් ය රැයට ද වඩා
නමුදු ඔබගේ සිහිනය මේ කුටිය තුලට සරි වේ
එතරම් පුංචි වූ අප කොතරම් ද!
පසුකර යයි ටැක්සියක් පිටතින්
පටවාගත් අවතාර සමගින්
දිව යන ගඟ
නිතරම
පසු පසට දුවමින්
හෙට වෙන්ස් දවසක් වේද?
පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්
This poem has not been translated into any other language yet.
I would like to translate this poem