අපගේ සිහින මතට
පුළුන්වනි මේ හිම
පතිත වී දිලිසෙන්නට ඉඩ දෙන්න
මුදා හැරියොත්,
නිසංසල අහස් ඔබේ හුස්මෙන් මෘදු වෙයි
ඔබේ දැනුම වැසුණු යථාර්ථයන් පහුරු ගායි
බොහෝවිට- නැතිවුණු සිතිවිලිවලටත්,
නැති වූ මුහුණුවලටත්, පාපයන්ටත්,
එය හැරවුමක් ද
බියෙන් තොරව අනෙක් අත බලමින්
නැතිනම් ලජ්ජාවෙන්,
එළැඹෙන උදෑසන අවධිකරමින්
එසේ නම් ඔබ උගත යුතුය
නිදි මනස අවධිකර කොට,
බැහැර කිරීමට තැත් කරන
ඇගේ වරළ
මතකයේ දෑස් තුල තැවරෙයි
අහෝ ඒ හොල්මන් මතකයන්
ඇගේ වේදනාව ඇත්තක් ද
' ඒක මගේ කිළිටි ඇඳුම! '
ඈ පුන පුනා කී විට
'මාව සුනු විසුණු කළ රාගයෙන් පිරුණු ඔබේ දෑස්, '
මගේ සාද ඇඳුම
බහුවිධ මානයන් තැනූ
දෛවයේ යම් හැරවුමක්
දාර්ශනික- ඇස්රවටන
ඔබේ අනවශ්‍ය බලා හිඳීම
ඈ නැවත නො ආ බැවින්
අලුයම පවා.
ඔබේ බලාපොරොත්තුව තුල පවා
දැන් ඔබේ වේදනාව නිහඬකමින්ම කෑ ගසයි
ලේ ගලන හදවතට
ඔබේ ඇඟිලි ගැඔුරට ගිල්වන කල
සැබෑ වේදනාවක්
කිසිදු හඬක් නොමැතිව
මන්ද දවසින් දවස, වසරින් වසර
හැම දෙයක්ම පුරුද්දක් බවට පත් වෙයි
එතෙක්,
පුළුන්වනි හිම වැටෙන තුරු බලා හිඳ,
ඔබ ඇයව ඩැහැ ගෙන්න
ඇගේ විලවුන් සුවඳත් රැගෙන
ඕනෑකමින්ම ඔබේ ඇස්වලට යොමුවෙමින්
ඈ කතාකළ බලාපොරොත්තුවේ වදන්
දිය හැකි පොරොන්දුවක් කැටුව
' ඔබේ හිත ස්වේත කළ තැන්වලට එහායින්
අලුත් ජීවිතයක් බලාගෙන ඇත'
මිමිණූ වදන්, ඇගේ ස්වසනය යට
රාත්‍රියේ පිවිතුරුබව ගා දමන්නට නොව.
එය අනාවැකියක් වුණිද?
ජයග්‍රහණයක සැමරුම නැතිනම් පරාජය
බියජනක සහිනයක්ද?
දැන් ඇති! මාව හෙම්බත්!
මම මගේ ලේ වැතිරෙන ඇඟිලි දෙස බලා
දුබලව ඉකි ගසමි.
Fabrizio Frosini- ෆැබ්රිසියෝ ෆ්‍රොසිනි
අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්
(Florence,2014)
නිශාචර හිම වැටීම :) I can't understand your language, but it's nice..! :) Thank you!
you are welcome. it's a pleasure...