හුටා කියා මතක් කරල පෙරමුණ ගනු මැන
ෆුටා කියල පිටු පාලා පලා නොයනු මැන
කොටා කපා වෙන් කරන්න ඉඩ නොතබනු දන
රටා දමා අරගලයේ පැදුර වියනු මැන
කකියන නලියන මර්ධිත පීඩනයයි එන්නේ
කඩිති කඩිති තැන් තැන්වල වතුර එකතු වෙන්නේ
මහා ජන ගඟක් ගලමින් පාර හොයන් යන්නේ
ලොකු පොඩි ඇල මං මුසු වී ගඟ සරු කරවන්නේ
මේ යන්නේ රට නසන්න කියනා අම්බරුවෝ
මල් පුදමින් දහස් ගණන් ජීවිත නැති කෙරුවෝ
රටට අයිතියක් ඉල්ලා පාරේ ගුරු සිසුවෝ
උන්ට ශක්තියක් ය ඉතින් ආවොත් කම්කරුවෝ
රටට සම්පතක් වේ නම් දරුවන් විය යුත්තේ
උන්ට සම්පතක් වේ නම් ඉගැනුම විය යුත්තේ
ඉගැනුම සම්පත වේ නම් නිදහස විය යුත්තේ
වනසන නිදහස වේ නම් අරගලයය් ඇත්තේ
වංගු දමා මග පටු කර වෙන වෙන අත නොයනු
මග වැරදී ඉන්න අයත් මහ පාරට සාදරයෙන් ගනු
ලාභ පාට වාසිවලින් කෙටි මං නොසොයනු
සීයට හය විතරක් නොව ඉදිරිය වෙත යනු
අතීතයෙන් පාඩම් ගෙන පසු නොබසිනු මැන
ඇමීබා වගේ තැන තැන බෝකරලනු මැන
මකර කටට ගිල ගන්නට ඉඩ නොතබනු මැන
නැණ බල ඇති මිනිස්සුනට දිවැස හෙලනු මැන
උදය ආර්. තෙන්නකෝන්
This poem has not been translated into any other language yet.
I would like to translate this poem
Unbridled by the limits of the English language, your poem must be a beautifully flowing testament of the vagaries of living.