මට අහිමි ළමාවියෙහි වූ හෝරාව
අන් අයට හිමි ලෙස
දැක නොමැත
අනුන් දුටු ලෙස
ගෙන එන්න නොහැකි විය
මගේ දුක්ප්රාැප්තිය හවුල් වූ වසන්තයකින්
එකම තැනකින් මා නොගත්
මගේ දුක
අවදි කළ නොහැකි විය
ඒ ස්වරයෙහිම මහද ප්රී තියට පත්ව
මා පෙම් කළ අයට, තනිවම පෙම් කළෙමි.
ඉනික්බිති
මගේ ළමා විය තුල වූ, අරුණොදයෙහි
බොහෝ කුණාටු වලින් හෙබි ජිවිතය
ඇදගෙන ගියෙහිය
හොඳ නරක හෙබි සෑම ජඹුරකින්
මාව තවමත් බැඳෑති අභිරහස
ජල ප්රමවාහයෙන් හෝ උල්පතින්
කඳු වැටි රතු පරයෙන්
මා වටේ ඔතන ලද හිරුගෙන්
සරත් කල එහි රන් පැහැය තුල
නැගෙන අහස් එලියෙන්
ඉගිලි මාව පසු කරාක් මෙන්
ගර්ජන කුණාටුවෙන්
යක්ෂයකු හැඩය ගත් වලාකුළු
මගේ දැක්මෙන්
(සෙසු දෙව් ලොව නිල් පැහැති විය) .
එඩ්ගා ඇලන් පෝ- Edgar Allan Poe
පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්
This poem has not been translated into any other language yet.
I would like to translate this poem