වයනු! වයනු! බෙර! - Beat! Beat! Drums! - Poem By Walt Whitman Poem by Udaya R. Tennakoon

වයනු! වයනු! බෙර! - Beat! Beat! Drums! - Poem By Walt Whitman

වයනු! වයනු! බෙර- පිඹිනු! හොරණෑ! පිඹිනු!
කවුලු අතරින්, දොරටු අතරින්- පිපිරෙන්න ක්‍රෑර බල ඇණි ලෙසින්
ඝම්භීර දෙව්මැදුරු අතරින්, පලවා හරිනු ජනයාව,
උගතුන් අකුරු කරනා සිප්හල් අතරට, ‍
ඉඩ නොහරිනු මනාලයට නිසොල්මන්ව වෙසෙන්නට
මනාලිය කැටුව අසතුටින් වෙසෙන
කිසිදු සාමයක් නැති සාමකාමී ගොවියා,
තම කුඹුර සී සාමින් නො එසේ නම් අස්වනු නෙළමින්
අති බිහිසුණු තොප කරකවනු අඹරනු,
නුඹේ බෙර- අති උග්‍ර හොර නෑ තොප පිඹිනු

වයනු! වයනු! බෙර- පිඹිනු! හොරණෑ! පිඹිනු!
නගරයේ රථ කැල පරයා - වීදියේ රිය සක ගර්ජනය පරයා
නිවෙස් තුල රෑ නිදන්නන්ට සයනයන් සකසයි ද
නොනිදන්නන් එම යහන් මත නිදන්නට දිය යුතුය
දවාලෙහි කේවල් කරන්නන් කේවල් නොකොට
තැරැව්කරුවන්, අවදානම් දරන්නන් නැතිව
ඔවුහු එහි නියැලේ ද?

වයනු! වයනු! බෙර- පිඹිනු! හොරණෑ! පිඹිනු!
කතකයන්ට කතා කිරීමට ද?
ගායකයින් ගයන්නට තැත් දරාවිද?
නීතිවේදියා විනිසුරු ඉදිරියේ උසාවියේ නැගී සිටියිද?
එසේ නම් හඬ නගනු වහ වහා, බරැති බෙර- වයනු හොරණෑ රළුව


වයනු! වයනු! බෙර- පිඹිනු! හොරණෑ! පිඹිනු!
අඩක් නොකරනු- නවතනු තර්ක නොකරන ලෙස
බියගුලුකම ගැන නොසිතනු- වැලපෙන්නා ද අයදින්නා ද ගැන නොසිතනු
මහල්ලා තරුණයාට කරන ආයාචනය ගැන නොසිතනු
දරු හඬ ඇසීමට, මව්ගේ මැසිවිල්ලට ඉඩ නොදෙනු
අවමඟුල් රථය එන තුරු බලා ඉන්නන්ව සිටින තැන
මළ මිනිය සෙලෙවීමට නැගීසිටීමට සලසනු,
ඉතා සවිබලව තොප නාද කරනු,
මේ බියකරු බෙර, ඉතා හඬින්- තොප පිඹිනු හොරණෑ

අනුවාදය- උදය ආර්. තෙන්නකෝන්

This is a translation of the poem Beat! Beat! Drums! by Walt Whitman
Sunday, March 6, 2016
Topic(s) of this poem: change,revolution
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success