හමා එනු, හමා එනු, තගේ ශීත සෘතු පවන- Blow, Blow, Thou Winter Wind By William Shakespeare Poem by Udaya R. Tennakoon

හමා එනු, හමා එනු, තගේ ශීත සෘතු පවන- Blow, Blow, Thou Winter Wind By William Shakespeare

හමා එනු, හමා එනු, තගේ ශීත සෘතු පවන
තා එතරම් නොවහි අකාරුණික
මිනිස් අකෘතඥකම තරමට
තගේ දසන් සවිමත් නොවේ එතරම්.
ඔබගේ හුස්ම කටුක වුවත්,
තා නොපෙනෙන බැවින්.

අහෝ! ගයනු අහෝ! හරිත කටු පඳුරු බිම් වෙත
බොහෝ මිතුදම් ව්‍යාජයි නම්,
බොහෝ ආලය මඳක් උමතුය
අහෝ.. එහෙනම් කටු පඳුරු
මේ දිවිය හරි ප්‍රියකරුය

තා අසුන්දර අහස සීතලෙන් මුදවනු, මුදවනු
ළඟට ලං වී නො සපයි
වාසි දෑ අත්හළ නිසා
නුඹ වතුර මෙන් වූවත්
නුඹේ වේදනවාව එතරම් දරුණු නැත
මිතුරෙකු මෙන් සිහිකරනු නැති නිසා.

අහෝ! ගයනු අහෝ! හරිත කටු පඳුරු බිම් වෙත
බොහෝ මිතුදම් ව්‍යාජයි නම්,
බොහෝ ආලය මඳක් උමතුය
අහෝ.. එහෙනම් කටු පඳුරු
මේ දිවිය හරි ප්‍රියකරුය

Translation by Udaya R. Tennakoon

This is a translation of the poem Blow, Blow, Thou Winter Wind by William Shakespeare
Friday, January 29, 2016
Topic(s) of this poem: friendship,pain,winter
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success