Udaya R. Tennakoon


දරුවෝ- Children By Khalil Gibran - Poem by Udaya R. Tennakoon

' අපේ ළමයින් ගැන කියන්න'
බිළිඳකු තුරුලු කර ගත් ගැහැනියක් කීය
එවිට ඔහු කීවේ,
ඔබේ ළමයින් ඔබේ නොවෙහි ය.
ඔවුන් ජීවිතයේ ස්වකීය කැමැත්ත පිණිස වූ දූ පුතුන් වෙති.
ඔබ තුලින් ඔවුන් පැමිණිය ද ඔෙබ්ම නොවෙහිය
එසේම ඔවුන් ඔබ හා විසුවද ඔබට ඔවුන්ව අයිති නැත
ඔබ ඔබේ ආදරය දිය යුතු නමුදු සිතුවිළි නොදෙන්න
ඔවුන්ට ඔවුන් සතු සිතිවිළි ඇත්තාහ.

ඔබ ඔවුන්ගේ ශරීර ලැගුම් ගත කරන නමුදු ඔවුන්ගේ ආත්මයන්ට එසේ නොකරන්න
හෙට නම් වූ නිවෙසේ ඔවුන්ගේ ආත්ම ලැගුම් ගත් කල,
ඔබට එහි යා නොහැකි ය.
ඔබේ සිහිනවලට පවා එය කළ නො හැකිය
එසේ වීමට ඔබ තැත් කරන නමුදු ඔවුන්ව ඔබ වගේ කිරීමට නො සොයන්න
ජීවිතය පසුපසටවත් පෙර දා සමඟවත් නොරැඳෙයි
ඔබලා ඔබේ දරුවන්ව ජීවත්වන හීසර ලෙසින් පෙරට යවන දුනුය
ධනුර්ධරයා නිමක්නැති මාවතේ එහා ඇති සළකුණ දකී
ස්වකීය බලයෙන් ඔබව නවා ඔහුගේ හීසර වහා ඇතට යයි
සතුට වෙනුවෙන් ඔබේ මෘදු බව ධනුර්ධරයාගේ අතට යොමන්න
ඉගිලෙන හි සරට පෙම්බඳිද්දී පවා,
එවිට නොවෙනස් දුන්නට පවා ඔහු පෙම් කරනු ඇත.

කලිල් ජිබ්රාන් - Khalil Gibran

අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්

This is a translation of the poem Children by Khalil Gibran

Topic(s) of this poem: children


Comments about දරුවෝ- Children By Khalil Gibran by Udaya R. Tennakoon

There is no comment submitted by members..


Poem Submitted: Tuesday, January 26, 2016

Poem Edited: Saturday, January 30, 2016


[Report Error]