ජෙරුසෙලම- Jerusalem By William Blake Poem by Udaya R. Tennakoon

ජෙරුසෙලම- Jerusalem By William Blake

එංගලන්ත හරිත කඳු වැටි වෙත

ඉපැරණි ඒ පාද ඇවිද ගියේද

එංගලන්ත පියකරු තණබිම්

දෙවියන්ගේ ශුද්ධ වූ බැටළුවා දුටුවේද



වලාකුළු එතුණු කඳු මත

දිව්‍යමය මුහුණුවර දිලසුණිද

මේ අඳුරු සාතන්ගෙ කමිහල් අතර

ජෙරුසෙලම මෙහි ගොඩ නැගුවෙහිද



දැවෙන රන් මගෙ දුන්න ගෙන එන්න මට

ආශාවේ දුනු හී ගෙන එන්න මට

දිගහැරෙන වලාකුළු! මගේ හෙල්ලය ගෙන එන්න මට

අග්නි යුධ රථය මගෙ ගෙන එන්න මට



මනෝමය සටනින් අහවර නොකරමි

මගේ කගපත අතෙහි නිදන්නට නොදෙමි

ජෙරුසෙලම ගොඩනගා නිම කරන තුරු අප

සිත්කලු භූමියේ එංගලන්ත තණබ්මෙහි



පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

This is a translation of the poem Jerusalem by William Blake
Friday, February 5, 2016
Topic(s) of this poem: william blake
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success