දිගු කවක් ලියා ඇත මම
ඔබට මේ උදෑසන
පිවිතුරු එලිය තුල
ස්පර්ශ කර නැති දිනක
කවිය විය ඇදහිය නොහැකි
ලියන්නට හෝරා දෙකක් ගතවිය
හෝරා දෙකකි සකසන්න යළි
හෝරාවකි ලියන්නට යළි
කියවීමෙන් අවසාන පිටපත
ඔබ අභියස උන් බව හඟුණි
ඔබේ කය එළිය මෙන් පිවිතුරුය
ඔබේ සිත නොකිලිටි දවස මෙනි
කවිය මොහොතකි
කවුළුව තුලින් මම දුටිමි
ඔබේ ලස්සන. එළැඹෙන මොහොතේ
කැඩපතක් අපගේ ප්‍රීතිය ප්‍රතිරාව කරමින්
ඉනික්බිති නොසිතූ අඳුරක්
මගේ මේසයට පතිතව
මම මගේ පෑන බිම දා වැසුවෙමි මගේ
සටහන් පොත. මහිත ඔඹරයක් මෙනි
මේ කව, මේ කඩදාසි වදන්
ඔබේ මංසලකුණු නොමැත
ඔබේ වතේ පහළ
පාදවල වකය
ඔබේ හුස්ම ඉහල යමින්
ඔබේ පයෝදර, ඔබේ ලවන්
එක්විය දොඩන්නට නැතිනම් එක්වෙමින්
සිප ගන්න- ඔව්
එවැනි පිරිපුන් වදන්
ද්‍රෝහීන්: ඔවුහු පොරොන්දු දෙති
ඔබව උණුසුම් කරන, ගිම්හාන එලිය මෙන්
ඔවුහු බලාපොරොත්තු රැළි තනති
අකුරු ඇමුණූ එම හෝරාවන්
අශාවේ හාස්කම් පෑය
බලාපොරොත්තුවේ පුදුමයන් ගෙන දී,
ඉනික්බිතිව කොළ තුන බිම හෙළෙමි
මිදුලෙහි අමාරුවෙන් ඇවිද
මගේ දෛනික කටයුතුවලට
නිහඬව, බුම්මාගෙන, දුකෙන්
එදින සැන්දෑව, ගොම්මනින්
හෙමින් නිමාකර
උදෑසන පටන් ගත් එලිය
මම දුටිමි ඔබ තනිවම ඉඳගෙන
ඔබගේ සඳලු තලයේ,
අඩක් වැසුණු මල් බඳුනෙන්
ඔබේ අත මගේ කව තබාගෙන
ඔබ දෑස අශාවෙන් යුතුව
මේපල් ගසට ඇල වී
සිටගත් මම, නරඹමින්
මේ විය නොහැකි දර්ශනය
හැරගිය වදන් ගැන මවිතව
තවත් නැත ද්‍රෝහීන්,
මම මගේ මනසින් ඉවත් කළෙමි
සමීප වදන් සෙවීමට
ස්පර්ශයට හා නිහඬවීමට
අශාවෙන් මම බැලූ කල
ක්ෂණිකව ඔබ බිම බැලීය
බලාපොරොත්තුවෙන්
වදන් විසිරුණි හැඟවුම්වලට
(වැලන්ටයින් දවස)
2014
ඩැනියල් බ්‍රික්
පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්
Translation by Udaya R. Tennakoon